lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/3jclypz චීන COVID-19 එන්නතක් බංග්ලාදේශයේදී අත්හදා බැලීම, බංග්ලාදේශ රජය ප්‍රතික්ෂේප කරයි  චීන ඖෂධ නිෂ්පාදකයකු වන සයිනොවැක් බයෝටෙක් සමාගමේ ඉල්ලීම පරිදි COVID-19 සඳහා වූ එන්නතකට සම-අරමුදල් සැපයීම බංග්ලාදේශ සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රතික්ෂේප කිරීමත් සමඟ එම සමාගම නිපදවන ලද පර්යේෂණාත්මක එන්නතේ සායනික අත්හදා බැලීම අවිනිශ්චිත වී තිබේ. චීනයේ සයිනොවැක් බයෝටෙක් සමාගම විසින් නිපදවන කොරොනා වයිරස් එන්නතකට දේශීය අත්හදා බැලීමක් සඳහා බංග්ලාදේශය සම-අරමුදල් සපයන්නේ නැති බව එරට සෞඛ්‍ය අමාත්‍ය සහීඩ් මාලෙක් ඉකුත් අඟහරුවාදා පවසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දළ වශයෙන්ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 7ක් වැය වන බව එම ආරංචි මාර්ග පවසයි. බංග්ලාදේශ සෞඛ්‍ය අමාත්‍ය සහීඩ් මාලෙක් උපුටා දක්වමින් බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කර සිටියේ සයිනොවැක් සමාගම තමන්ගේම මුදලින් එම අත්හදා බැලීම් සිදුකල යුතු බවයි. යම්කිසි සායනික අත්හදා බැලීමක් සඳහා අනුමැතිය ඉල්ලා සිටින විට එම සමාගම කිසි විටෙකත් සම-අරමුදල් ඉල්ලා සිටියේ නොමැති බවත්, මෙය චීන රජය සමඟ අපට ඇති ගිවිසුමක් නොවන බැවින් සහ පුද්ගලික සමාගමක් සමඟ බංග්ලාදේශ රජයට සම-අරමුදල් ව්‍යාපෘති තිබිය නොහැකි බවත් එම අරමුදල් සැපයීම ප්‍රතික්ෂේප කරමින් බංග්ලාදේශ රජය පවසා ඇත. කෙසේ වෙතත් ඉදිරියේදී චීන රජයට, බංග්ලාදේශය තුළ ව්‍යපෘති සඳහා ආයෝජනය කිරීමට දෙපාර්ශ්වයේම එකඟතාව මත හැකියාව පවතින බව බංග්ලාදේශ රජය සඳහන් කරන බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි. මේ වන විට චීනය බංග්ලාදේශයේ මූල්‍ය ව්‍යාපෘති සඳහා ආක්‍රමණශීලීව දායක වී ඇති අතර බංග්ලාදේශ රජයද ප්‍රවේශමෙන් ණය ලබාගෙන තිබේ. මන්දයත් බංග්ලාදේශයට, ශ්‍රී ලංකාවේ සහ පාකිස්තානයට අත්ව ඇති ඉරණමට පත්වීමට අවශ්‍ය නොමැති අතර ඉන්දියාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සටනක් වළක්වා ගැනීමට අවශ්‍ය වීම හේතුවෙන් මෙලෙස එම රජය කටයුතු කරන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. මීට අමතරව චීන රජයේ සහය ඇතිව ඉදිකිරීමට නියමිතව තිබූ වරායක් ඉදිකිරීමද අත්හිටුව ඇති අතර එය ජපාන රජයේ සහය ඇතිව ඉදිකිරීමට බංග්ලාදේශ රජය පියවර ගෙන තිබේ. noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

إرسال تعليق

MKRdezign

نموذج الاتصال

الاسم

بريد إلكتروني *

رسالة *

يتم التشغيل بواسطة Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget