lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

මුල් දින 20 ලංකාව 150යි.. ඇමරිකාව 09යි.. තව සති තුනකින් ලංකාවට වන දේ ජෝන් හොප්කින්ස් පුරෝකථන කරයි.. කොරෝනා වෛරසය පැතිරිම අතින් ශ්‍රී ලංකාවේ පළමු දින 20 තුළදී ඇමරිකාව සහ එක්සත් රාජධානිය තුල මුල් දින 20 ආසාදිත ප්‍රමාණය අභිබවා ගොස් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි. ශ්‍රී ලංකාවේ මුල්දින 20 තුල කොරෝනා ආසාදිත සංඛ්‍යාව 150ට ආසන්න වුවද ඇමරිකා එක්සත් ජනපදයේ මුල් දින 23 වාර්තා වී ඇති රෝගීන් 11කි. මේ සියලු කාරණා සලකා බලමින් ඉදිරි දින 07 ඇතුළත අවම වශයෙන් ශ්‍රී ලංකාවෙන් තවත් රෝගීන් 244 අපේක්ෂා කළ හැකි බව ඇමෙරිකාවේ සුප්‍රකට ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පුරෝකථනය කර ඇති බව සංගමය පෙන්වා දෙයි. දින 14 ක් තුල රෝගීන් 403ක්, දින 21ක් තුල රෝගීන් 660ක් වාර්තා වනු ඇතැයිද ඔවුන් පුරෝකතන කර ඇති බව සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන් ද සොයිසා මහතා සඳහන් කළේය. කෙසේ වෙතත් මෙම පුරෝකථනයන් ඉදිරිපත් වන්නේ දැනට හඳුනාගෙන සිටින රෝගීන් අනුව බවත් හඳුනා නොගත් රෝගීන් විශාල පිරිසක් සමාජයේ සිටිය හැකි බවත් ඔහු පැවසීය. Lanka Hot News


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

إرسال تعليق

MKRdezign

نموذج الاتصال

الاسم

بريد إلكتروني *

رسالة *

يتم التشغيل بواسطة Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget