lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/2ylawgg ඇඳිරි නීතිය අස්සේ කතරගම පැත්තේ දේශපාලන බලයත් එක්ක වනාන්තර විකුනන මගඩියක් හෙළිවෙයි කතරගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ කඳසුරිදුගම ග්‍රාම නිලධාරි වසමේ යාල වනෝද්‍යානයට මායිම්ව පිහිටි රක්ෂිත ඉඩම් හා වනාන්තර ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙද්දී අනවසරයෙන් අල්ලා ගැනීමට සංවිධානාත්මක පිරිස් කටයුතු කරන බව ප්‍රදේශවාසීහු කියයි. මෙම රක්සිත හා වනාන්තර ජිවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඒවා බවත් එහි අලි ඇතුන් හා වන සතුන් විශාල වශයෙන් සැරිසරන බවත් ප්‍රදේශවාසීහු වැඩි දුරටත් ප්‍රකාශ කරති. කතරගම ප්‍රාදේශිය දේශපාලනඥයෙකුගේ ප්‍රබල මැදිහත් විම මත පාතාල සාමාජිකයින් හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සම්බන්ධ කරගෙන මොවුන් සංවිධානාත්මකව කණ්ඩායම් වශයෙන් මෙසේ ඉඩම් අත්පත් කර ගැනීම සිදුකරන බවත් ගම්වාසින් කිසිවකුට එවන් ඉඩම් අත්පත් කර ගැනිමට ඉඩ නොදී තමන්ගේ බලපුළුවන්කාරකමින් ඉඩම් අත්පත්කර ගැනීම සිදුකරන බවත් ඔවුහු ප්‍රකාශ කළේය. වන සතුන් අලි ඇතුන් සැරි සරණ මෙවැනි ඉඩම් අනවසරයෙන් අත්පත් කරගෙන වෙනත් ප්‍රදේශ වල පදිංචි කරුවන්ට ව්‍යාපාරිකයින්ට වැඩි මිලට ඉඩම් අලෙවි කිරමේ කූඨ ජාවාරම් මොවුන් විසින් සිදු කිරිමේ සිද්ධින් බොහොමයක් මීට පෙරත් පොලිසියට වාර්තා වි තිබෙන බවද ප්‍රදේශවාසීන් වැඩිදුරටත් ප්‍රකාශ කළේය. ලුණූගම්වෙහෙර මාර්ගයේ වන රක්ෂිතයක මෙසේ ඉඩම් අත්පත් කර ගැනිමට යාමේ දී ඔවුන් අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ඇප මත නිදහස් වු පිරිසක් මෙම ඉඩම් අත්පත් කර ගැනිමට කටයුතු කරන බව දැන ගන්නට ඇත. කතරගම ගම් උදාව පිහිටි භූමියට ඉදිරිපසින් ඇති යාල වනෝද්‍යානයේ රක්ෂිත මායිම් බිම් කොටස් බොහොමයක් මේ වන විට අනවසරයෙන් කැලෑ එලි පෙහෙලි කර වැට මායිම් සකස් කිරිම් සිදුවන බව එහි ගිය රජයේ නිලධාරින්ට දැක ගැනීමට හැකි වු බවද ප්‍රදේශවාසීන් කියයි. කතරගම කදසුරිදුගම ගලහිටිය පාරේ කිලෝමිටර් එකහමාරක් පමණ දුර ගිය විට වෙහෙරකෙම ප්‍රදේශයේ සිට සෙල්ලකතරගම දක්වා අක්කර 75කට වැඩි භූමි භාගයක් අනවසරයෙන් අත්පත් කර ගැනීමට පහලොස් දෙනෙකුට වැඩි කණ්ඩායමක් මේ වන විට කටයුතු කර ඇත. කෘෂි උපකරණ සහිතව ඔවුන් මේ වන විටත් එම භූමියේ රැදි සිටින බවත් තාවකාලික ටෙන්ට් කොන්ක්‍රිට් කනු මත ඉදිකිරිම් සිදු කිරිමටද ඔවුන් කටයුතු කරමින් සිටින බවත් දැන ගන්නට තිබේ. මේ සම්බන්ධව කතරගම විශේෂ කාර්ය බලකාය කදවුරේ ස්ථානාධිපති එම් පල්ලියගුරු මහතාගෙන් අපකල විමසීමක දී හෙතෙම පැවසුවේ ඔය කියන ඉඩම් අත්පත් කර ගැනිමේ සිද්ධිය සම්බන්ධයෙන් අපට ක්‍රියාත්මක විමට හැකියාවක් නොමැති බවයි. වනජිවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කළොත් ඒ සම්බන්ධයෙන් මැදිහත් විමටත් අනවසර ඉඩම් අත්පත් කර ගන්නා පිරිස් අත්අඩංගුවට ගෙන පොලිසියට භාර දිමටත් හැකියාව තිබෙන බවද විශේෂ කාර්යය බලකායේ ස්ථානාධිපතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය. කතරගම පොලිස් ස්ථානාධිපති එස් යු ඒ ලියනගම මහතාගෙන් අප කල විමසීමකදී හෙතෙම පැවසුවේ මේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම අවශ්‍ය පියවර ගැනිමට පොලිස් කණ්ඩායම් යොදවන බවයි. බළපිටිය  -  දම්සරී ලියනගේ Lanka Hot News


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

إرسال تعليق

MKRdezign

نموذج الاتصال

الاسم

بريد إلكتروني *

رسالة *

يتم التشغيل بواسطة Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget