lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/2XMIgvS තොණ්ඩාමන්ගේ දියණියත් නිරෝධායන නීති කඩයි? අභාවප්‍රාප්ත වතු කම්කරු කොංග්‍රසයේ නායක ඇමැති ආරුමුගම් තොණ්ඩාමන් මහතාගේ වැඩිමහල් දියණියට සිය පියාගේ දේහය දැක බලාගෙන ඊට අවසන් ගෞරව දැක්වීමට තිබූ අවස්ථාව අහිමිව ඇතැයි වාර්තා වේ. ඒ වෛද්‍යවරියක වන කෝදේයි නාච්චියාර් තොණ්ඩමන් සේවය කරන්නේ ඕමාන්හි මස්කට් නගරයේ වීම නිසාය. සිය පියා අභාවප්‍රාප්ත වනවිට ඇය රැඳී සිටියේ මස්කට්හීය. අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා ඇයට හදිසියේ ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය වුවද ඊට නිරෝධායන නීති හරස් වී තිබේ. අවසානයේ තොණ්ඩමන් දියණිය මස්කට්හිදී පී.සී.ආර්. පරීක්ෂණයකට භාජන වී අනතුරුව ඉන්දියාවේ කැලිකට් වෙත එන ගුවන් යානයකින් එරටට පැමිණ ඇත. එහිදී සිය පියාගේ අවමංගල්‍යයට සහභාගි විය යුතු බව කියමින් වැළපෙමින් සිටි ඇය පවුලේ ඥාතීන් විසින් කුලියට ගත් ගුවන් යානයක් මගින් කටුනායකට කැඳවාගෙන විත් තිබේ. එහෙත් පවත්නා නිරෝධායන විධි විධාන අනුව ඇය දින 14ක කාලයක් නිරෝධායනය විය යුතු බැවින් මීගමුව ප්‍රදේශයේ හෝටලයක නිරෝධායනය සඳහා යොමුකර තිබේ. පවුලේ ඥාතීන් ඇය සිය පියාගේ අවමගංල්‍ය අවස්ථාවට දියණිය සහභාගී කරවන ලෙස ඉල්ලා සිටියද මෙම ප්‍රවෘත්තිය ලියන මොහොත වනතෙක් තොණ්ඩමන් දියණියට ඒ සඳහා අවසර ලැබී තිබුණේ නැත. පියාගේ අවමංගල්‍ය අවස්ථාව Zoom තාක්ෂණය ඔස්සේ ඇයට නැරඹීමට අවස්ථාවක් ලබාදිය හැකියැයි අදාළ බලධාරීන් විසින් යෝජනා කර තිබූ බව වාර්තාවේ. කෙසේවුවද, කොළඹ සිට ආරුමුගම් තොණ්ඩාමන්ගේ දේහය නුවර - ගම්පොල ප්‍රධාන මාර්ගය හරහා රම්බොඩ - වැවන්ඩන් වතුයායේ පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන යන අවස්ථාවේදී තොණ්ඩාමන්ගේ පුත් ජීවන් තොණ්ඩාමන් නිරෝධායන නීති කඩකරමින් කටයුතු කළ බවට මේවන විට චෝදනා එල්ලව තිබේ. මූලාශ්‍රය - දේශය noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

إرسال تعليق

MKRdezign

نموذج الاتصال

الاسم

بريد إلكتروني *

رسالة *

يتم التشغيل بواسطة Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget