lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/3daRGrJ කුවේටය ලෝක නීති කඩයි.. ශ්‍රී ලංකාව බැරෑරුම් තත්වයකට.. ලාංකිකයන් 19,000කට කුවේටයෙන් පිට වන්නැයි දැනුම් දෙයි වලංගු වීසා කාලය ඉකුත් වී කුවේට් රාජ්‍යයේ රැුදී සිටින සියලුම දෙනාට ඒ රටෙන් ඉවත්වීම සඳහා පොදු සමා කාලයක් ලබා දී තිබේ. එම පොදු සමා කාලය මේ වන විට අවසන් දින කිහිපය ගෙවෙමින් පවතී. ලක්‍ෂය ඉක්මවූ ශ්‍රී ලාංකිකයන් පිරිසක් නීතයානුකූල ලෙස එහි රැුදී සිටින අතර තවත් ලාංකිකයන් 19,000 කට ආසන්න පිරිසක් වීසා බලපත්‍ර අවලංගු වී තිබියදී එහි රැඳී සිටිති. ඒ හේතුවෙන් පොදු සමා කාලයේදී ඔවුන්ගෙන් වැඩි පිරිසත් ශ්‍රී ලංකාවට ඒමට බලාපොරොත්තුවෙන් සිටියි. එරට රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකට මේ වන විටත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තොරතුරු හෙළිවී තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරන්නේ කුවේට් රාජ්‍යය විසින් කොරෝනා ලෝක වසංගත තත්ත්වයේදී ලෝකය විසින් පිළිගත් සම්මුතීන් වලින් බැහැරව කටයුතු කර ඇති බවයි. ඔවුන් ශ්‍රී ලාංකික ඇතුළු විදේශ ශ්‍රමිකයන් පිටත් කර යැවීමේ දී නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කර නැති බවත් ඉතා සමීපව කුඩා කුටි වලදී ඔවුන් රදවා ඇති බවත් සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා කියා සිටියේය. මේ නිසා එරටින් ශ්‍රී ලංකාවට සිටින සියලුම දෙනාට කොරෝනා ආසාදනය වීමට වැඩි ඉඩක් ඇතැයි ද ඔහු සඳහන් කළේය. එමෙන්ම ඉදිරියේදී එරටින් ලාංකිකයන් ගෙන්වා ගැනීමේ දී තවදුරටත් ඉතා ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු බවද ඔහු පැවසීය. noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

إرسال تعليق

MKRdezign

نموذج الاتصال

الاسم

بريد إلكتروني *

رسالة *

يتم التشغيل بواسطة Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget