lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/3cl4ESB ඇමරිකාව මහද්වීපයක් නිසා කොරෝනා රෝගීන් වැඩියි.. ලංකාව දූපතක් නිසා කොරෝනා රෝගීන් අඩුයි - විජයමුණි ඇමරිකාව මහද්වීපයක් නිසා එහි කොරෝනා රෝගීන් වැඩි අතර ලංකාව දූපතක් නිසා කොරෝනා රෝගීන් අඩු බවත් ඒ නිසා ඇමරිකාව හා ලංකාව සංසන්දනය කිරීම සුදුසු නොවන බවත් සමගි ජන බලවේගයේ අපේක්ෂක හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා ප්‍රකාශ කර සිටියේය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ හිරු ටීවී බලය වැඩසටහන හා එක්වෙමිනි. ආණ්ඩු පාර්ශවය නියෝජනය කරමින් වැඩසටහන හා එක්වූ පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේ එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවයි. රටක ජනගහනයෙන් මිලියනයකට සිටින කොරෝනා රෝගීන් ප්‍රමාණය ගණනය කිරීම ලොව පිළිගත් දර්ශකය බව පෙන්වා දුන් ගම්මන්පිල මහතා එම දර්ශකය මත සංසන්දනය කිරීමේ දී ඇමරිකාව ලොකු වීම හෝ ලංකාව කුඩා වීම ගැටලුවක් නොවන බවද සඳහන් කළේය. එම දර්ශකයට අනුව ජනගහනයෙන් මිලියනයකට ඇමරිකාවේ රෝගීන් 304 දෙනෙක් වාර්තා වෙද්දී එය ශ්‍රී ලංකාවේදී රෝගීන් 55 දක්වා අඩු අගයක් ගන්නා බව ගම්මන්පිල මහතා මෙහිදී පෙන්වා දුන්නේය. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් විවාදය හා සහභාගී වූ දයා ගමගේ හිටපු අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ කොරෝනා ආසාදිතයන් 70%ක් රෝග ලක්ෂණ නොපෙන්වන නිසා තවත් ආසාදිතයන් රැසක් සමාජය තුළ සිටිය හැකි බවයි. නීතිඥ උදය ගම්මන්පිල මහතා පෙරලා ප්‍රශ්න කළේ එසේ නම් ආසාදිතයන් ගෙන් 30%ක් රෝග ලක්ෂණ පෙන්විය යුතු වුවත් දින 28 ක් පුරාවට සමාජය තුළින් එවැනි රෝගීන් හමු නොවූයේ ඇයි ද යන්නයි. ආණ්ඩුපාර්ශවය නියෝජනය කරමින් වැඩසටහන හා එක්වූ මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදී ප්‍රකාශ කර සිටියේ මන්ත්‍රිකම ගැන බියෙන්, මොන්ටේරෝ බියෙන්, වරප්‍රසාද බියෙන් පෙළෙන විපක්ෂයේ කණ්ඩායම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති පෙන්වමින් මැතිවරණය මගහැරීමට අසාර්ථක උත්සාහයක් දරන බවයි. සම්පූර්ණ වැඩසටහන පහතින් noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

إرسال تعليق

MKRdezign

نموذج الاتصال

الاسم

بريد إلكتروني *

رسالة *

يتم التشغيل بواسطة Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget