lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/3djggXm මේ වියත්මග පාලනයක් නොවෙයි.. පුරුදු තක්කඩි රාජපක්ෂ පාලනය - රෝහිණී කවිරත්න පාරිභෝගිකයා බේරා ගන්න කියලා ජනාධිපති කාර්යාලයේ මාධ්‍ය සංදර්ශනයක් තියලා හාල් රු. 98 ඉදන් 90 ට අඩු කරා කියලා බෝඩ් ගැහුවා. කොයි කඩේ ද නාඩු හාල් රු. 90 ට වික්කේ?  යැයි සමගි ජනබලවේගය මාතලේ දිස්ත්‍රික් අපේක්ෂිකා රෝහිණී කවිරත්න මහත්මිය ප්‍රශ්න කළාය. හාල් මිල අඩු කරාම වී මිල අඩු වෙනවා. මේක තේරුම්ගන්න මොළය කළදක් තිබුණේ නැති ආණ්ඩුව වී ටොන් 50,000 ක් අරගෙන හමුදාව දාලා මාස 9 ක් කන්න හාල් තියෙනවා කිව්වා.  වී ටොන් 50,000 කින් රටට කන්ඩ හාල් දෙන්න පුළුවන් දවස් 8 කටයි කියලා නොදන්න තකතීරු ආණ්ඩුවක්. ආණ්ඩුවේ මේ මාධ්‍ය සංදර්ශනවලට රැවටෙන්නේ රාජපක්ෂ වහල්ලු විතරයි‘ යැයි කවිරත්න මහත්මිය ප්‍රකාශ කළේ අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති පුවත්පත් සාකච්ඡාවේ දී ය. මේක බත් කන ආණ්ඩුවක් නෙවෙයි, ජනතාවට පුන්නක්කු කවන ආණ්ඩුවක්.  ලංකා ඉතිහාසයේ පළමුවරට හාල් වර්ග 5 ක මිල එක හා සමාන කරලා රු. 90 කට උපරිම සිල්ලර මිලක් නියම කලා. නාඩු, සම්බා, කීරී සම්බා, රතු කැකුළු, සුදු කැකුළු හාල් මිල එකිනෙකට වෙනස් කියලා මේ මහ පොළොවේ පය ගහලා ඉන්න ඕනම කෙනෙක් දන්නවා.  සති දෙකයි මේ බොරුව කළේ. දැන් ආණ්ඩුව හොම්බෙන් ගිහින් මාධ්‍ය සංදර්ශනයක් දාලා හාල් මිල වැඩි කලා.  රටේ සම්බා, කීරී සම්බා හාල් හිගයක් තියෙනවා.  රටේ ගොවියාගේ වී ටික තුට්ටු දෙකට අරගෙන ගොවියා විනාශවුනාට පස්සේ දැන් හාල් පිටරටින් ගෙන්නන්න හදනවා. කවිරත්න මහත්මිය පැවසුවේ,  මේක ද අර ඡන්දේ දවස්වල කිව්ව ‘විද්වත් පාලනය‘, වියත්මග? නෑ මේක තමයි සුපුරුදු තක්කඩි රාජපක්ෂ පාලනය! 2019 වසරේ ලංකාවේ හාල් නිෂ්පාදනය මෙ.ටො.  ලක්ෂ 31 යි. යල කන්නයේ අස්වැන්න මෙ.ටො. ලක්ෂ 32 කි කියලා කිව්වාම ඇමරිකානු පුරවැසි රාජපක්ෂ ගෝඨාභය – බැසිල් සහෝදරයෝ දෙන්නා ඒක පිළිගත්තා.  කෘෂිකර්ම ඇමති චමල් රාජපක්ෂ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඡන්දෙට ලැස්ති වෙනවා මිසක් ගොවියාගේ ප්‍රශ්න ගැන අතක්, කටක් හොළවන්නේ නෑ. පොහොර හිගය රට පුරා පොහොර හිගයක් තියෙනවා.  තේ වගාකරුවාට තේ පොහොර නෑ.  මහවැලි කලාපයට ‘මඩ පොහොර‘ නෑ.   උඩරට එළවළු ගොවියාට ඕන කිසිම පොහොරක් නෑ.  අනුරාධපුරේ ඉදන් ගිරාදුරුකෝට්ටේ දක්වා මිරිස් පැල හදාගන්න, මිරිස් ටිකට පස් දාන්න පොහොර නෑ. කෘෂිකර්ම ඇමති චමල් රාජපක්ෂ අයියා ඊයේ කියනවා රටේ පොහොර හිගයක් නෑ කියලා. කෘෂිකර්ම ඇමති ඉන්නේ මහපොළොවේ නෙවෙයි. හම්බන්තොට තියෙනවානම් පොහොර උඩරටටත් එවන්න.  ගාල්ල මාතර පහතරට තේ ගොවියෝ පොහොර නැතිව අන්ත අසරණයි කියලා තවම ලොකු අයියා,   කෘෂිකර්ම ඇමති දන්නේ නැතිව ඇතිි.දඹුල්ලේ ‘සාරලංකා‘ එකේ දෙන්නේ පොහොර මිටි දෙකයි.  දඹුල්ලට පොහොර ආවේ නැත්තම්, රටේම පොහොර නැති වෙනවා. මොකද, දඹුල්ලට එළවළු ගේන ලොරිවලින් තමයි රටේ උතුරට- නැගෙනහිරට පොහොර ගෙනියන්නේ.  මේ ආණ්ඩුවේ වැඩ නිසා අද, අන්ත අසරණ පොහොර මුට්ට කර ගහන මිනිහාට පවා රස්සාව නැති වෙලා. ගොවිජන සේවා මධ්‍යස්ථානවලින් පොහොර බෙදනවා කියලා පට්ටපල් බොරුවක් කියනවා.  මාතලේ අක්කරයට දෙන්නේ යුරියා කිලෝ 7 යි. මඩ පොහොර කිලෝ 9 යි.  මේ රවට්ටවන්න හදන්නේ කවුද?  කතා කරන්නේ දේශීය කෘෂි නිෂ්පාදනය වැඩි කරන්න.   හැබැයි දැන් රටේම ගොවියෝ විනාශයි. පොහොර සංස්ථාව හදන පොහොර ටික හොර පාරේ ආණ්ඩුවේ හෙංචයියෝ ටික අතට යනවා.  නිකං පොහොර දෙනවා කියලා බලයට ආපු ආණ්ඩුඩවට දැන් සල්ලිවලට වත් පොහොර දෙන්න බෑ.  හැබැයි රු. 1600 ට පොහොට්ටුවේ හෙංචයියෝ මහනුවර, මාතලේ, අනුරාධපුර, පොළොන්නරුවේ පොහොර හොර පාරේ විකුණනවා.  ගොවියාගේ ඡන්දයෙන් බලයට ඇවිත් මේ ආණ්ඩුව ගොවියාගේ මුහුණ-කට සමතලාවෙන්න ගැහුවා. විද්වත්තුන්ගේ උපදෙස් අරගෙන ගොවියාට අද එළවළු කිලෝවකට රු. 20 ලැබෙන්නේ නෑ. හැබැයි පාරිභෝගිකයාට ඒකේ වාසිය ලැබෙන්නෙත් නෑ.  දැන් වගා කරන්න පොහොර නෑ.  මේකේ ප්‍රතිඑල ලැබෙන්නේ ලබන මාසේ.  පොහොර හිගේ නිසා ගොවියෝ වගා කරන්නේ නෑ.  අන්තිමට වෙන්නේ හාල්, එළවළු ටික ගිණි ගනන් යන එක. අද රටේ පඩි ගෙවා ගන්න බෑ.  මධ්‍යම පලාතේ සෞඛ්‍ය  සේවකයින්ගේ දිමනා කිසිවක් දැන් මාස දෙකක් ගෙවලා නෑ.  ලබන මාසේ පඩි ගෙවා ගන්න බැරි වෙනවා.  ආණ්ඩුවට ඕනි කොහොම හරි ඡන්දෙකට යන්න.  ගම්වල ගොවියෝ, පුන්නක්කු නොවෙයි හාල්-පාන්- එළවළු, පරිප්පු, මාළු කන මිනිස්සු බලාගෙන ඉන්නේ ඡන්දේ එනකල් තමයි. ශක්ති සහල් වැඩසටහන  විනාශ කළේ පොහොට්ටුවේ හාල් මෝල් දේශපාලනඥයෝ රැකගන්නයි.  පොහොට්ටුවෙන් මාතලේට ඡන්දේ ඉල්ලන්නේ කොරෝනා කාළේ දඹුල්ලේ ගොවියාගේ එළවළු ටිකක කුණු කොල්ලයට අරගෙන විකුණාගත්ත තාත්තා-පුතා සමාගම.  අනික් කෙනා රු. 40ට වී අරගෙන දැන් රු. 125 ට හාල් විකුණන්න හදන මෝල් හිමියා. මාතලේ ජනතාව රාජපක්ෂ සහෝදර සමාගමටත්, මාතලේ ගොවියෝ විනාශ කරපු පොහොට්ටුවේ තාත්තා පුතා සමාගම – හාල් මෝල එතනෝල් සමාගමත් ගෙදර යවන්න ඡන්දේ තියෙනකල් බලාගෙන ඉන්නේ.   යැයි ද හිටපු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න මහත්මිය පැවසුවාය. – media unit noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

إرسال تعليق

MKRdezign

نموذج الاتصال

الاسم

بريد إلكتروني *

رسالة *

يتم التشغيل بواسطة Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget