lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/32nJDUl කාර්ගිල්ස් නීති ලොක්කිගේ අනවසර ඉදිකිරීම් ඉවත් කරන්න නියෝග ! කාර්ගිල්ස් බැංකුවේ ප්‍රධාන නීති නිලධාරිනිය වන සජීවනී සෝලංගආරච්චි නැමැත්තිය විසින් කැලණිය වරාගොඩ පාරට මායිම්ව ඉදිකරන ලද ගොඩනැගිල්ලක් කඩා ඉවත්කරන ලෙස කැලණිය ප්‍රාදේශීය සභාව දැනුම් දී තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අධ්‍යක්ෂ ජනරාල් (මහජන සම්බන්ධතා) හරහා අසල් වැසියකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අදාළ ඉදිකිරීම ඉවත් කිරීමට කැලණිය ප්‍රාදේශීය සභාව කටයුතු කර ඇත. මේ සම්බන්ධයෙන් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ නිර්දේශ මත පළාත් පාලන කොමසාරිස්වරායා විසින්ද පරීක්ෂනයක් සිදුකරමින් ඇතැයි වාර්තා වේ. ඒ මේ නීති නිලධාරිනියට අයත් පර්චස් 3ක් පමණ වන ඉඩමට කැලණිය ප්‍රාදේශීය සභාව විසින් ගොඩනැගිලි සැලැසුම් නීති හා වීථිරේකා නීති උල්ලංඝනය කර සැලැසුමක් අනුමත කිරීම සම්බන්ධයෙනි. මෙතෙක් කළ පරීක්ෂණ වලට අනුව හෙළිව ඇත්තේ අදාළ නීති නිලධාරිනිය හා ඔහුගේ සැමියා වන දොස්තර තුෂාර ගුණතිලක නැමැත්තා විසින් කළක සිට කුඩා ඉඩම් කැබලි මිලදී ගනිමින් (ගොඩනැගිලි සැලැසුම් අනුමත නොකරණ) නිවාස හෝ ව්‍යාපාරික ස්ථාන ඉදිකර විකිණීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇති බවයි. මේ යුවලට අදාලව කැලණිය වීරසිංහ මාවතේ ඇල මාර්ගයක් අල්ලා ගැනීම සම්බන්ධයෙන්ද පරීක්ෂණයක් ක්‍රියාත්මක බව පැවසේ. එමගින් එහි පවුල් 6කට අවහිරතා මතුව ඇති බවට ප්‍රාදේශීය සබාවට පැමිණිලි ලැබී ඇති බවද වාර්තා වේ. එම පැමිණිලි විශ්‍රාමික පොලිස් නිලධාරියකු හා පළාත් පාලන කොමසාරිස් කාර්යාලයේ ඉහල නිලධාරිනියකගේ මැදිහත්වීමෙන් මෙතෙක් යටගසාගෙන තිබූ බවද පැවසේ. ජනාධිපති කාර්යාලයේ මැදිහත්වීමත් සමඟ මේ සියලු තොරතුරු අනාවරණය කරගෙන ඇතැයි වාර්තා වේ. noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

إرسال تعليق

MKRdezign

نموذج الاتصال

الاسم

بريد إلكتروني *

رسالة *

يتم التشغيل بواسطة Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget