lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/2RXq2W2 මැති ඇමැතිවරුන් 35ක් ගැන අල්ලස් කොමිසම පරීක්ෂණ අරඹයි – වත්මන් රජයේ ඇමැතිවරු තිදෙනෙකුත් ඒ අතර පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සහ ආණ්ඩුවේ මැති ඇමැති ධුර දරන 35 දෙනෙකු ගැන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පරීක්ෂණ ආරම්භ කර ඇතැයි වාර්තා වේ. මෙම මැති ඇමැතින්ගෙන් බහුතරය පසුගිය යහපාලන රජය නියෝජනය කළ හිටපු ඇමැතිවරු බවද වාර්තා වේ. දූෂණය, අයථා ලෙස වත්කම් රැස් කිරීම සහ රජයේ මුදල් අවභාවිතය යන චෝදනා මෙකී මැති ඇමැති පිරිසට එල්ල වී තිබේ. යහපාලන රජය යටතේ ප්‍රබල ඇමැතිධුර දැරූ තිදෙනකුට දැනටමත් අධි චෝදනා යටතේ නඩු පවරා ඇත. එසේම වත්මන් රජය නියෝජනය කරන මැති ඇමැතීන් තිදෙනකුටද නඩු පවරා තිබේ. යහපාලන රජය කාලයේ විපක්ෂයේ ප්‍රධාන භූමිකාවක් නියෝජනය කළ පක්ෂයක ප්‍රබල මන්ත්‍රීවරයකුටද අල්ලස් දූෂණ චෝදනාවක් එල්ලකර ඇති අතර ඒ ගැනද මේ වනවිට පරීක්ෂණ අරඹා ඇතැයි වාර්තාවේ. පසුගිය රජය කාලයේ රජයේ ප්‍රධාන පෙළේ සමාගම් දෙකක් බංකොලොත් වන ආකාරයට ගනුදෙනු සිදුකළ හිටපු ඇමැතිවරුන් තිදෙනකුට දූෂණය යන වරදට අදාළව අද හෙටම නඩු පැවරීමට නියමිතය.  noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

Post a Comment

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget