lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/2Sc6ltS 20 ට ඇතුළත් වගන්තිවලට සංශෝධන 53 ක් ! පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී ඇතුළත් කිරීමට නියමිත සංශෝධන ඇතුළත් ලේඛනයක් නීතිපතිවරයා විසින් අද (‍29) ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා. ඒ 20 වැනි සංශෝධනයට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සම් සලකා බැලීම සිදුකළ අවස්ථාවේදීය. කාරක සභා අවස්ථාවේදී සිදු කිරීමට නියමිත සංශෝධන 53 ක් අදාල ලේඛනයට ඇතුළත්ව තිබෙන බවයි වාර්තා වන්නේ. එම සංශෝධන අතර එක් ප්‍රධාන කරුණක් වන්නේ 20 වැනි සංශෝධනයෙන් යෝජනා කර තිබෙන, වසරක් ඉක්ම ගිය පසු ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය වසර දෙක හමාරක් දක්වා දීර්ඝ කිරීමයි. වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ වසර හතර හමාරක් ඉක්ම ගිය පසුව බවයි. 2015 ට පෙර එය වසර දෙක හමාරක් ලෙස සඳහන් වූ අතර 19 වැනි සංශෝධනය හරහා එය වසර හතර හමාරක් දක්වා දීර්ඝ කෙරිණි. මීට අමතරව මැතිවරණ කොමිසමේ ස්වාධීනත්වයට අදාල කරුණු කිහිපයක්ද අදාල ලේඛන‍යේ ඇතුළත් වේ. කෙසේ වෙතත් රජයට අයත් සමාගම් විගණනය සඳහා විගණකාධිපතිවරයාට තිබූ බලය ඉවත් කිරීම, ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීම සඳහා අවස්ථාව හිමිවීම ඇතුළු 20 වැනි සං‍ශෝධ‍නයේ අඩංගු, පසුගිය දිනවලදී දැඩි විවේචනයට ලක් වූ කරුණු කිසිවක් සංශෝධනය නොවන බවයි වාර්තා වන්නේ.  noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

Post a Comment

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget