lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/36egIW2 පොල් අඟල්වලින් මැනලා නඩු දාන්න බෑ. ගැසට් ගහන අය රටේ පිළිගත් මිණුම් ඒකකවත් දන්නේ නෑ - අනුර පොල්වල වට ප්‍රමාණය අනුව උපරිම සිල්ලර මිලක් පනවමින් පසුගියදා නිකුත් කළ ගැසට් නිවේදනයෙන් පෙන්නුම් කෙරෙන්නේ එම ගැසට් නිවේදන නිකුත් කරන ආණ්ඩුවේ ප්‍රධානීන් රටේ වර්තමානයෙහි පිළිගත් මිණුම් ඒකක පිළිබඳව හෝ දැනුමක් නොමැති අයය යන්න බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.  "සියලු කිරුම් මිණුම් අපේ 1980 දශකයේදී වෙනස් කරලා තිබෙන්නෙ. දිග මනින්නේ මීටර් සහ සෙන්ටිමීටර් වලින්. මං දැක්කා ගැසට් එකේ තියෙන්නෙ අඟල් වලින්. ඒ නිසා අඟල් වලින් මැනලා කවුරු හරි වරදකරුවෙක් වුණත් නඩුවක් පවරන්න බෑ. මොකද අපෙ පිළිගත් මිනුම් ඒකකය තමයි මීටර් සහ සෙන්ටිමීටර්. ඒ නිසා ගැසට් එක ගහන මහත්තුරු අඩුම තරමේ රටේ වර්තමානයේ පිළිගත් මිණුම් ඒකකය කුමක්ද කියලාවත් නොදන්න බවයි මෙම ගැසට් නිවේදනයෙන් පෙන්නුම් කරන්නේ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.  අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (28) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.   noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

Post a Comment

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget