lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/343jDhK පලාත් සභා එපා යයි කිසිවෙකුට කියන්න බෑ.. සුළු පිරිසක් එපා කීවාට බහුතරය කැමතියි.. 13 අහෝසි කරන්න බෑ - මනෝ ගනේෂන් 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබදව රටේ නායකයින් ජනතාව වෙත වැරදි අර්ථකථනයක් ලබාදී ඇති බවත් එම සංශෝධනයෙන් බලය බෙදීම සිදුවන්නේ යාපනය වව්නියාවට පමණක් නොව ගාල්ල හම්බන්තොට හා රටේ සියලූ පළාත් හා දිස්ති‍්‍රක් වලට බව ජනතාව තේරුම් ගත යුතු බවත් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර මනෝ ගනේෂන් මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ මෙරට බලය විමධ්‍යගත කිරීම වෙනුවෙන් පවතින වැදගත්ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය වන්නේ 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය බවයි. 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පුර්ණයෙන් කි‍්‍රයාත්මක කළ යුතු යැයි ඉන්දීය ආග‍්‍රමාත්‍යවරයා පසුගියදා කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් මනෝ ගනේෂන් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සදහන් කළේය. ත්‍ම් පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වු මනෝ ගනේෂන් මන්තී‍්‍රවරයා මෙසේද කීය. ශී‍්‍ර ලංකාවේ බලය විමධ්‍යගත කිරීම සම්බන්ධයෙන් තිබෙන වැදගත්ම සංශෝධනය වන්නේ 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයයි. එම සංශෝධනය කවරෙකු හෝ සිතනවා නම් ක්ෂිණිකව ඉවත් කළ හැකි යැයි එය වැරදි උපකල්පනයක්. මෙහිදි වැදගත්ම කාරණය වන්නේ බලය බෙදීමයි . බලය බෙදීම කියු සැනින් බොහෝ පිරිස් තේරුම් ගන්නේ සිංහල හා දෙමළ ජනතාව අතර බලය බෙදා හැරීමක් ලෙසයි. එවැනි බලය බෙදා හැරීමක් මෙතන සිදු වන්නේ නැහැ. කොළඹට කෙන්ද්‍ර වි තිබෙන බලය සියලූ පළාත් වලට ගම් වලට බෙදා දිය යුතුයි. යාපනය මඩකළපුව කිළිනොච්චියට මෙන්ම ගාල්ල මාතර හම්බන්තොටත් බලය බෙදා හැරිය යුතුයි. එයයි ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන්නේ . 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් සිදු වන්නේ එයයි. නමුත් සාමාජයට මෙම සංශෝධනය පිළිබද තිබෙන්නේ වැරදි අර්ථකථනයක්. වර්තමානයේ බලයේ සිටින ජනාධිපතිවරයා අගමැතිවරයා පමණක් නොවෙයි කාලයක් තිස්සේ මේ රට ආණ්ඩු කළ නායකයෝ කොළඹට කේන්ද්‍රවී තිබෙන මේ බලතල පළාත් වලට ගම් වලට බෙදී යනවාට අකමැති වුණා. ඔවුන් කැමති නැහැ තමන් සතුව පවතින බලය යාපනව වව්නියාව වේවා හම්බන්තොට ගාල්ල වේවා එම දිස්ති‍්‍රක්ක වලට පළාත් වලට බෙදී යනවාට. නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය වුවත් අපට 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබදව කතා කිරීමේ හැකියාව තිබෙනවා. ඒ සදහා සාකච්ඡුාවක් අවශ්‍යයි. ආණ්ඩුවේ වේවා විපක්ෂයේ වේවා හිතෙන හිතෙන අයට මේ 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ප‍්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් නැහැ. පළාත් සභා එපා යැයි ප‍්‍රකාශ කරන්නත් බැහැ. කිහිප දෙනෙකු පළාත් සභා ප‍්‍රතික්ෂේප කළාට අතිබහුතරය පළාත් සභා අවශ්‍ය බවට පිළි ගන්නවා. මේ අවස්ථාවේ 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා එපා එපා කියනවා වෙනුවට ආණ්ඩුව කළ යුතුව ඇත්තේ ඒ සම්බන්ධයෙන් යම් ස්ථාවරයකට එමට කටයුතු කිරීමයි. පසුගියදා අග‍්‍රමාත්‍ය මහින්ද රජාපක්ෂ මහතා හා ඉන්දීය ආග‍්‍රාමත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර පැවැති ද්විපාර්ශවික සමුළුවේදී ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා අවධාරණය කර තිබුණේ 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පුර්ණයෙන් කි‍්‍රයාත්මක කිරීම හා දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටු කිරීමට කටයුතු කළ යුතු බවයි. – මාධ්‍ය අංශය  noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

Post a Comment

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget