lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/3ix0yJU ගැසට්ටුවෙන් පසු පොල් හිඟයක්. පාරිභෝගික ජනතාව සහ වෙළඳුන් යන දෙපාර්ශ්වයම පීඩාවට ! පොල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් රජය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමෙන් අනතුරුව ගතවූ සතිය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවල පොල් හිඟයක් පවතින බව වාර්තා වේ.  රජය විසින් පැනවූ මිලට පොල්වතු හිමියන් පොල් ලබා නොදෙන නිසාත් වැඩි මිලට විකුණුවහොත් පාරිභෝගික සේවා අධිකාරියෙන් තමන්ව අත් අඩංගුවට ගන්නා නිසාත් මේ දිනවල වෙළඳාම සඳහා පොල් නොගෙනෙන බවයි ඇතැම් වෙළඳුන් පවසන්නේ. තම එදිනෙදා ආයාදම අහිමි වීමෙන් තමන් ද දැඩි පීඩාවකට පත්ව සිටින බවත් ඔවුහු පවසති.  ඇතැම් ස්ථානවල පොල් වෙළඳාම සිදු කෙරුණ ද ඒවා රුපියල් 90, 100, 110 වැනි ඉහළ මිලට විකුණන බවත් වාර්තා විය.  පසුගිය සතියේ පැවති බොහෝ සති පොළවල් වල පොල් විකිණීමක් සිදු නොකෙරුණු අතර ජනතාව පිටිකළ පොල්කිරි පැකට්ටු සොයා සිල්ලර වෙළඳසැල් වෙත යනු ද දැකගත හැකිවිය.  පොල් මිල සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්වය පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පැවසුවේ "මේ මොහොතේ අපි පිළිගන්නවා පොල් මිල වැඩියි. වැඩිම පොල් ප්‍රශ්නෙ තියෙන්නෙ ගාල්ලෙ. ඊයෙත් මම අම්බලන්ගොඩ තැනක ගිහිල්ලා කඩයකින් අහනකොට 110යි පොල් ගෙඩියක්. පොල් සංවර්ධන මණ්ඩලයෙන් ඇවිල්ලා සතොසෙන් පොල් දෙන්න පටන් ගන්නවා. ඒ කටයුත්ත කෙරුණා නම් ඔය මිල වැඩි කරන අය නිකම්ම අඩුකරගයි" යනුවෙනි.  පොල් මෙන්ම රජය විසින් පසුගිය කාල සීමාව තුළ සහල් සහ කහ කුඩු වල ද මිල ගැසට්ටු මගින් පාලනය කිරීමට උත්සාහ කළ නමුත් ඒවා සාර්ථක වූයේ නැත.   noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

إرسال تعليق

MKRdezign

نموذج الاتصال

الاسم

بريد إلكتروني *

رسالة *

يتم التشغيل بواسطة Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget