lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/3ncE4kY 'අහක යන නයි රෙද්ද අස‍්ස‍ෙ දාගන්න එපා' - හිටපු ජනාධිපති බුද්ධි ප්‍රධානීන්ට කියලා ! ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ (INSSSL) හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය අසංග අබේගුණසේකර මහතා පෙරේදා (30) පාස්කු කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේය. එහිදී ඔහු, පාස්කු ප්‍රහාරය එල්ලවීමෙන් පසුව රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා විසින් අබේගුණසේකර මහතා සමග සිදුකළ ප්‍රකාශයක් අනාවරණය කළේය. 'එහා මෙහා යන නයි රෙද්ද අස්සේ දාගන්න එපා' යැයි හිටපු ජනාධිපතිවරයා රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා වෙත ප්‍රකාශ කර ඇති බවයි අබේගුණසේකර මහතා පාස්කු කොමිසම හමුවේ පවසා තිබෙන්නේ. කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින තත්ත්වය ගැන සාකච්ඡා කිරීම සඳහා පැවැති රැස්වීමකට පැමිණ සිටියදී, හිටපු ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පැමිණෙන තුරු රැඳී සිටින අතරතුර රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා තමන්ට මේ බව පැවසූ බවද අසංක අබේගුණසේකර මහතා කොමිසම හමුවේ කියා සිටියේය. එමෙන්ම පාස්කු ප්‍රහාරය සිදු වූ අප්‍රේල් 21 ට දින පහකට පෙර එනම් අප්‍රේල් 16 වනදා මෙරටට පැමිණි පකිස්ථානයේ ආරක්ෂක දූත පිරිසක් සමග පැවැති සාකච්ඡාවකදී රාජ්‍ය බුද්ධි ප්‍රධානි නිලන්ත ජයවර්ධන මහතා ඉස්ලාම් අන්තවාදයක් මෙරට නැති බවත් කලාපීය ISIS තර්ජනයක් නැති බවත් පැවසූ බවයි කොමිසම හමුවේ අනාවරණය කර තිබෙන්නේ. වසර 2017 දී ඉස්ලාම් අන්තවාදය කලාපීය අනතුරක් බව තමා ජාතික බුද්ධි ප්‍රධානියාට වාර්තා තුනක් යොමු කරමින් දැනුම් දුන් බවද ඒ මහතා කියා සිටියේය. කොමිසම හමුවේ වැඩිදුරටත් සාක්ෂි ලබා දෙමින් ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ (INSSSL) හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තවදුරටත් මෙසේ පවසා තිබෙනවා. 'ප්‍රහාරය සිදුවීමෙන් අනතුරුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැයි 20 වනදා මාව කැඳෙව්වා. එහිදී මම රාජ්‍ය බුද්ධි ප්‍රධානියා කියූ කතාව ජනාධිපතිවරයාට කියා සිටියා. තමන් එසේ කියා නොසිටි බව හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. කලාපීය අනතුරක් තිබෙන බවට මො යොමු කළ වාර්තාව ඒ වනවිටත් ජනාධිපති වරයා වෙත ලැබී තිබුනේ නැති බව දැනගත්තා. ඒ සම්බන්ධයෙන් වන යෝජනා ප්‍රහාරයෙන් පසු මම ජනාධිපතිවරයා වෙත ලබාදීමට කටයුතු කළා.' ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා, 2017 වසරේ අලියාර් හන්දියේ සිදු වූ ගැටුමට පසුව මට ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කර වාර්තාවක් යොමු කරන ලෙස එම වසරේ මාර්තු 20 වැනි දින දැනුම් දුන්නා. එම ලිපිය ලැබුණු පසුව මම පළමු ලිපිය මාර්තු 27 වැනි දිනම යොමු කළා. කලාපීය අනතුරක් ඇති බවට වාර්තා 3 ක් යොමු කරමින් දැනුම් දුන්නා. සිසිර මෙන්ඩිස් මහතා පාස්කු ප්‍රහාරය සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට කියා තිබුණා මගෙන් වාර්තා කැඳවූ නමුත් මම වාර්තා යොමු කර තිබුණේ නැහැ කියලා. ඒ සම්බන්ධයෙන් විමසීමට මාව කැඳෙව්වේ නැහැ. මාර්තු 30 වැනිදා මම ජනාධිපතිවරයා ආමන්ත්‍රණය කරමින් ආරක්ෂක අමාත්‍යාංශය වෙත වාර්තාවක් යොමු කළා.' මෙම ආයතනය (INSSSL) පත් කළේ 2016 වසරේදී කැබිනට් මණ්ඩල අනුමැතියකින්. මගේ පත්වීම ලබාදීමේ සිටම ගැටළු මතු වුණා. පත්වීම ප්‍රමාද වුණා. මම ඒ ගැන හිටපු විදේශ ඇමති මංගල සමරවීර මහතාගේ ලේකම් තුසිත හල්ලොලුව මහතාගෙන් විමසුවාම, ඔයා රාජපක්ෂලගේ මිනිහෙක් කියලා ප්‍රශ්න තියෙනවා ඇමැතිතුමාට කතා කරන්න කියලා කිව්වා. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියත් මට පත්වීම දෙන්න එපා කියලා තිබුණා.' මට ජාතික බුද්ධි ප්‍රධානී දැන්වූවාම මම අලියාර් හන්දියේ සිද්ධියෙන් පසුව සොයා බැලුවා. ISIS ප්‍රහාර එල්ල වූ විදේශ රටවලින් බුද්ධි තොරතුරු සොයා බැලුවා. මම රාජ්‍ය බුද්ධි ප්‍රධානියා, ජාතික බුද්ධි ප්‍රධානියා, යුද හමුදා බුද්ධි ප්‍රධානියා, පොලීසියේ ඉහළ නිළධාරීන්, ආරක්ෂක ලේකම් වගේම තවත් අය සමඟ සාකච්ඡා කළා. වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය හමුවීම, සහරාන් සමාජ ජාල ඔස්සේ ජිහාදයක් සැකසීම සඳහා සිදු කරන දේශනා ඇතුළු සිද්ධීන් ගණනාවක් සම්බන්ධයෙන් කරුණු සොයා බැලුවා. ඉස්ලාම් අන්තවාදය වගේම කලාපීය තර්ජනයක් ඇති බව මාසිකව ඉදිරිපත් කළ ආරක්ෂිත තර්ජන වාර්තා මගින් දැන්වූවා. ඒ වගේම සහරාන් හෂීම් සමාජජාලා ඔස්සේ සිය අනුගාමිකයන් ජිහාදයක් සැකසීම සදහා අභිප්‍රේරණය කරමින් සිටින බව කියමින් මා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දැනුවත් කර ඒවා බ්ලොක් කරන ලෙස ඉල්ලුවා.' ඒ අවස්ථාවේ නිලන්ත ජයවර්ධන මහතා, 'එහෙම සිදුකළොත් අපි ටාගට් වේවි' යනුවෙන් පැවසූ බවද අසංග අබේගුණසේකර මහතා සාක්ෂි ලබාදෙමින් පවසා තිබෙනවා.  noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

إرسال تعليق

MKRdezign

نموذج الاتصال

الاسم

بريد إلكتروني *

رسالة *

يتم التشغيل بواسطة Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget