lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://1.bp.blogspot.com/-Kfn3cXcONTw/XpfFWI-dZ2I/AAAAAAAC6fc/guDWaiD7NvwmFhaJyS8aQhTVYckicA5XQCLcBGAsYHQ/s320/45509-pradeep-rangana-fb-post1816073862.png"මෙදා අවුරුද්දට ඔබගේත් අපගේත් වැඩි පරිස්සමට PPE පැළඳ, ඔබ වෙනුවෙන් අපි සේවයේ.." - ගායන ශිල්පී ප්‍රදීප් රංගනගේ මුහුණු පොතේ සටහනක් - (Photos)

දැන් අපේ මුළු රටම කතා කරන්නේ කොරෝනා ගැන. කොරෝනා නිසා මුළු රටටම ඇඳිරිය වැටි තිබුණු නිසාම, සිංහල අලුත් අවුරුදු 'ගෙදරටම වෙලා සමරන්න' හැමෝටම සිද්ධ වුණා.


ඒත්... එදාටත් අවුරුදු නැතුව.. රෝහල්-වල රෝගීන් වෙනුවෙන් අවි දරාගත්තු වෛද්‍යවරු සහ හෙද හෙදියන් කරන්නේ සුළුපටු මෙහෙවරක් නොවේ.

අපි හැමෝම දැන අඳුනන ගායන ශිල්පී ප්‍රදීප් රංගන වෘත්තියෙන් වෛද්‍යවරයෙක්. මේ කතාව ඔහුගේ අලුත් ගීත නිර්මාණයක් ගැන නම් නෙවෙයි.

ඔහුත් මේ වෙලාවේ තම වෘත්තියේ යෙදෙමින්, අසරණ රෝගීන් වෙනුවෙන් කැප වෙමින් ඉන්නවා.

ඒ ගැන මුහුණු පොතේ ඔහු තැබූ සටහනක් තමයි මේ....

සිංහල හින්දු අලුත් අවුරුදු දිනයේ නිවසේ වෙනුවට රෝහලේ සිටීම මට මෙන්ම අනෙකුත් ජේෂ්ඨ සහ සහෝදර ෛද්‍යවරුන්ට අමුතු කාරණාවක් නොවේ. මෙවර විශේෂ කාරණය වන්නේ ඔබගේත් අපගේත් වැඩි පරිස්සමට PPE පැළඳ, ඔබට සේවය කිරීමයි.

Covid-19 අපව තවමත් ්‍රහණය කරගනිමින් පවතී. ශ්‍රී ලංකා රජය,සෞඛ්‍ය අමාත්‍යාංශය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය , සියලු ජේෂ්ඨ සහ අනෙකුත් වෛද්‍යවරු, හෙද කාර්යය මණ්ඩලය ඇතුළු සියලුම සෞඛ්‍ය කාර්යය මණ්ඩලය , ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු අනෙකුත් සියලුම වගකිවයුතු රාජ්‍ය නිලධාරීන් , විද්‍යුත් මාධ්‍ය,දැඩි කැපවීමකින් එදා සිට අද දක්වාත් ,ඉදිරියටත් අප වෙනුවෙන් සිය වගකීම ඉටු කරනු ඇත. ඔබ ඒ අයව අගය කරමින්, කෘතගුණ සැලකීම අපේ සංස්කෘතිය තුළ වූ උදාර ගුණය මනාව පෙන්වා දෙයි.

රටේ අති බහුතරයක් ජනතාව ආර්ථික, සමාජීය අපහසුතා රැසක් මැද ඉවසීමෙන් ,විනයකින් යුතුව එම උපදෙස් වලට අනුව කටයුතු කරමින්, හැකි අය උදවු අවශ්‍ය අයට තමන්ට හැකි ප්‍රමාණයෙන් උදව්කරමින්,තම වගකීම ඉටු කිරීම ප්‍රශංසනීය කරුණකි.

ඉවසිය යුත්තේ ඉවසීමට නොහැකිම තැනදී බව අප අසා ඇත. ඒ අනුව යමින් අපි අප වෙනුවෙන් තව ටික කාලයක් ඉවසමු.

Covid-19 මාරාන්තික උවදුර අප මාතෘ භූමිය තුළින් තුරන් කළ දවසට, අපේ උදාර පුංචි දේශය තුළ එකිනෙකාට ආදරයෙන්, තම වගකීම ඉටුකළ මිනිසුන් ලෙස නිහතමානී ආඩම්බරයකින් අපට පෞද්ගලිකව සතුටුවිය හැක. ලෝකේ අනිකුත් මහා දැවැන්ත යැයි කියාගන්නා රටවල් වලට මහත් වූ ආඩම්බරයෙන් අපේ මිනිසුන් ගැන ප්‍රකාශ කළ හැක.

තව ඉවසමු.................
ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා.............


from Gossip Lanka Hot News

إرسال تعليق

MKRdezign

نموذج الاتصال

الاسم

بريد إلكتروني *

رسالة *

يتم التشغيل بواسطة Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget