lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://1.bp.blogspot.com/-wtZkzCauh6M/Xpflu22Dz9I/AAAAAAAC6jo/r27BWbZTbj8UqYlFfnqLFvUtoifSjEU5gCLcBGAsYHQ/s320/20200415Dilki-Cat.jpgවේදිකාව, රංගනය හදාරන්න පුළුවන් තැනක් - දිල්කි දිසානායක

පුංචි තිරයට අලුතින් එකතු  වුණු මුහුණු අතර දිල්කි දිසානායක කියන්නෙත් අද වන විට ඉදිරියෙන් සිටින නවක රංගන ශිල්පිනියක්.

මෙවර ඇය ගැන කතා කරන්නට සඳැල්ලෙන් ඉඩක් වෙන් කෙරෙනවා.

මේ දිනවල ස්වර්ණවාහිනි නාළිකාවේ විකාශය වන හදවතේ කතාව හරහා දිල්කි ප්‍රේක්ෂකයන්ගේ හදවතට ළංවෙලා ඉන්නවා.
ඔව්. ඇත්තටම හදවතේ කතාවෙ සමින්දි චරිතයට මේ වෙද්දි හොඳ ප්‍රතිචාර ලැබෙනවා. එහි මම කරන්නේ පාසල් චරිතයක්. නිළ ඇඳුම ඇඳලා ඒ රංගනයෙ නිරත වෙද්දි නැවතත් පාසල් ගියා වගේ තමයි. ඉතින් මේ කතාවත් බොහෝ දෙනෙක් ආදරෙන් වැළඳ ගෙන තියෙනවා. ඉතින් මටත් මේ වෙනුවෙන් සම්බන්ධ වෙන්නට ලැබීම ගැන  හදවතින්ම සතුටු වෙනවා.

නැවත පාසල් ගියා වගේ දැනෙනවා. කිව්වනේ? ඒ ඉතිහාසය ගැනත් සඳහන් කරමු.

මම පාසල් ගියේ බදුල්ල මහා විද්‍යාලයට. ඒ මිශ්‍ර පාසලක්. ඉතින් ඒ කාලේ හරිම විනෝදයි. සුන්දර මතකයන් ගොඩයි. ඒවා මෙහෙමයි කියලා කියන්න බැරි තරම්. මේ රංගනයත් එක්ක ඒ පරණ මතකයන් නැවතත් ආවර්ජනය වෙනවා. මොකද අපි මේ නාට්‍ය රූගත කිරීම් අවසන් වෙලා සින්දු කියනවා.

ඒ වගේ හරි විනෝදෙන් ඉන්නෙ. මේ චරිතයක් වුණාට නාට්‍යයක් වුණාට අපි පාසලේ ලබපු අත්දැකීම් තමයි මෙහි තියෙන්නේ, රංගනයක් කියන දේ දැනෙන්නේ නැති තරම්.

පාසල් වේදිකාවෙ රංගනයට කොයි විදියෙ නැඹුරුවක් ද තිබුණෙ?

මම නාට්‍ය හා රංග කලාව විෂයක් විදියට නම් හැදෑරුවෙ නැහැ. නර්තනය කළේ පාසල් වේදිකාවෙ. මම කළේ නිවේදනය. නිවේදන කටයුතු වලට ගොඩක් නැඹුරු වෙලා හිටියා. රංගනයට තිබුණෙ ආසාවක්. පාසල් කාලෙදි මගේ ලොකුම බලාපොරොත්තුව වුණේ රූපවාහිනි නිවේදිකාවක් වීම. නමුත් මම මේ වෙද්දි රංගන ශිල්පිනියක් වෙලා ඉන්නවා. ඉදිරියේදි රූපවාහිනි නිවේදිකාවක් වෙලා මගේ හීනයට යන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රංගනයත් වැඩිදුර හදාරලා ඒ අංශයෙනුත් ඉදිරියටම ගිහින් සම්මානනීය රංගන ශිල්පිනියක් වීම තමයි දැන් අරමුණ.

කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වෙන්න පාර කැපෙන්නෙ කොහොමද?

මම ක්ෂේත්‍රයට මුලින්ම ආවේ සිරස නාළිකාවෙ විකාශය වු නීල පබළු නාට්‍යය හරහා. නමුත් මට හරියටම චරිතයක් නිරූපණය කරන්න ලැබුණෙ හිරු අවුරුදු කුමරිය තරගයෙන් පසුව.

ඒ කියන්නේ දිල්කි අවුරුදු කුමරියක්.

හිරු අවුරුදු කුමරිය තරගය හරහා අවසන් පස් දෙනා අතරට එන්න හැකිවුණා. 2019 වසරේ ඉන් පසුව තමයි හිරු නාළිකාවෙ විකාශය වුණු පෝය ටෙලි නාට්‍යයකට මුලින්ම සම්බන්ධ වුණේ. එතැනින් පසුව දෙවැනි ඉනිම ටෙලි නාට්‍යය වෙනුවෙන් ආරාධනා ලැබුණා. අනතුරුව තමයි පාවෙනා වළාකුළේ ඒවිද අම්මා ටෙලි නාට්‍යයටත්. හදවතේ කතාවටත් සම්බන්ධ වෙන්න අවස්ථාව  ලැබුණෙ.

අවුරුදු කුමරිය තරගයට දිල්කිව සම්බන්ධ කළේ කව්ද?

තරගයට අයදුම් කළේ නම් ගෙදර අය. මගෙත් ලොකු කැමැත්තක් තිබුණා. එවැනි තරගයකට සම්බන්ධ වෙන්න. ඒ නිසා සම්බන්ධ වුණා.

විශ්වාසයක් තිබුණද අවසන් තරඟකරුවන් පස්දෙනා අතරට එන්න?

ඇත්තටම නැහැ. ඒ වෙනුවෙන් සම්බන්ධ වුණු මුල් දවසෙ නම් හිතුවෙම නැහැ. මේ තරම් දුරක් එන්න ලැබෙයි කියලා. මොකද තරගකරුවන් 3000 අධික පිරිසක් සම්බන්ධ වෙලා හිටියා. නමුත් පළමු වටයෙන් දෙවැනි වටයෙන් තේරුණාට පසුව පොඩි බලාපොරොත්තුවක් හිතට ආවා. ගොඩක් ලස්සන ගැහැණු ළමයි සම්බන්ධ වෙලා හිටියෙත්.

ඉතින් අද ගොඩක් සතුටුයි. ඒ ලැබුණු ජයග්‍රහණය ගැන. මොකද ඒ හරහා ආපු ගමන තමයි මම අද රංගන ශිල්පිනියක් වෙලා බොහෝ දෙනෙක්ගෙ ආදරේ ලබමින් ඉන්නේ.

ඉස්සරට වඩා දැන් පාරේ යද්දි කට්ටිය කතා කරනවා. මම රංගනයෙන් දායක වුණු චරිත ගැන කතා කරනවා. ප්‍රතිචාර දක්වනවා. ඉතින් මට සතුටුයි.

වේදිකාවට/සිනමාවට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබුණෙ නැද්ද?

තවම නැහැ. මම වේදිකාවට සිනමාවට ගොඩක් කැමතියි. වේදිකාව කියන්නේ රංගනය හදාගන්න පුළුවන් වෙනම තැනක්. ඉදිරියෙදී ඒ වෙනුවෙන් සම්බන්ධ වෙනවා. සිනමාවට සම්බන්ධ වෙන්න නම් තවම ආරාධනා ලැබිලා නැහැ. ලැබුණොත් ගොඩක් සතුටින් භාර ගන්නවා.

මේ ක්ෂේත්‍රයට එනවට දිල්කිගෙ ගෙදරින් අකමැති වුණේ නැද්ද?

නැහැ. ගෙදර අය මගේ ගැන දන්නවා. මම කව්ද? කොහොම කෙනෙක් ද කියන දේ. මට යම් අරමුණක් තියෙනවා නම් කොයි තරම් ප්‍රශ්න ආවත් මම ඒ අරමුණට යනවා කියලා ගෙදර අය දන්නවා.

ඒ නිසා මගේ කිසිම දේකට ගෙදරින් බාධා කරන්නේ නැහැ. ආශිර්වාද කරනවා ඇරෙන්න.

මේ තැනට එන්න උදව් කරපු පිරිසක් ඇති?

ගොඩක්ම මේ තැනට එන්න උදව් කළේ මගේ ගෙදර අය. අම්මා, අප්පච්චි සහ අක්කා. ඒ වගේම මගේ බාප්පා සහ පුංචි විශේෂයෙන් මතක් කරන්න ඕනෑ. ඒ අය මූලිකවම මගේ ළඟින්ම හිටියා. ඊට අමතරව රංගනය තුළ මට ගොඩක්ම උදව් කළේ ශ්‍රියන්ත, නිරංග සහ චරිත් කියන අයියලා. ඒ අය මට රංගනය වෙනුවෙන් අවස්ථාවක් අරන් දීලා මේ තැනට එන්න උදව් කළා.

ඒ වගේම චාමිකා මෙන්ඩිස් මහත්මිය සහ සාරංග මෙන්ඩිස් මහත්මයා විශේෂයෙන් මතක් කරන්න ඕනැ.

ධනු විජේරත්න
සාරවිට

from Gossip Lanka Hot News

إرسال تعليق

MKRdezign

نموذج الاتصال

الاسم

بريد إلكتروني *

رسالة *

يتم التشغيل بواسطة Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget