lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/2zOMiM7 අගමැතිවරයා කැඳවූ රැස්වීමට එන්නේ නැහැ : ජවිපෙ නායකයා ලිපියකින් දන්වයි මැයි 04 වන දින අරලියගහ මන්දිරයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් කැඳවා ඇති රැස්වීමට තමන් ඇතුළු ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයේ හිටපු මන්ත්‍රීවරු සහභාගී නොවන බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක අගමැතිවරයාට ලිපියක් යොමු කරමින් දන්වා සිටිනවා. කොරෝනා ව්‍යසනය පැරදවීමට හා පවතින තත්ත්වය පිළිබඳව අදහස් විමසීමට ඒ සඳහා ව්‍යවස්ථාමය බලය සහිත පාර්ලිමේන්තුව යළි කැඳවනවා වෙනුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225ම අගමැති නිල නිවසට කැඳවා කරන සාකච්ඡාවක් ඵල සහිත දෙයක් ලෙස නොදකින බවත්, විශේෂයෙන්ම මෙම ව්‍යසනයට මුහුණදීම සඳහා පොදු යාන්ත්‍රණයක් සකස් කරන ලෙස අප පක්ෂය ඇතුළු බොහෝ දෙනා ඉල්ලා තිබියදී එවැන්නක් නිර්මාණය කිරීමට පවා මේ වන තෙක් කටයුතු නොකළ තත්ත්වයක් තුළ මෙලෙස සියලු හිටපු මන්ත්‍රීවරුන්ගේ හමුවක් ඵලදායී නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ අදහස බවයි එම ලිපියේ දක්වා ඇත්තේ. කොරෝනා ව්‍යසනයට මුහුණ දීමට හා පීඩාවට පත් ජනතාවට සහන සැපයීම පිළිබඳ සාකච්ඡා කිරීමට නම් කළයුතු හොඳම දේ වන්නේ ජනාධිපතිතුමාගේ හා අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායකයින් සියලු දෙනා කැඳවා අදාළ කාර්යය සඳහා ඔවුන්ගේ සහය ලබාගැනීම බවයි මෙහිදී ජවිපෙ නායකයා සිය ලිපියේ සඳහන් කර ඇත්තේ. අප්‍රේල් 30වැනිදාට පසු රාජ්‍ය මුදල් වියදම් කිරීමට බලයක් නොමැති බවට අදහසක්ද පාර්ලිමේන්තුව විසුරුවා හැර මාස 3ක් තුළ අභිනව පාර්ලිමේන්තුව කැඳවීමට නොහැකි වීම මගින් මතුවන ව්‍යවස්ථාමය ගැටලුවක් පිළිබඳවද සමාජය තුළ මේ වනවිට සාකච්ඡාවක් මතුවී තිබේ. පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරු 225ම අරලියගහ මැදුරට කැඳවනු ලබන්නේ ඉහත ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීමට නම් එවැනි සාකච්ඡාවකින් ව්‍යවස්ථාමය ගැටලුවකට විසඳුම් ලබාගත හැකි වන්නේ නැත. එබැවින් මෙම රැස්වීම කැඳවන්නේ ඉහත ගැටලුව සඳහා නම් ඒ සඳහා ගත යුතු නිවැරදි පියවර වන්නේ, 01. ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාවට අනුව හදිසි තත්ත්වයක් තුළ පාර්ලිමේන්තුව යළි කැඳවීම හෝ නොඑසේ නම් 02. මෙවැනි තත්ත්වයක් තුළ ගත හැකි ව්‍යවස්ථානුකූල ක්‍රියාමාර්ග පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම බව සිය පක්ෂයේ විශ්වාසය බවයි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සිය ලිපියේ සඳහන් කර ඇත්තේ. ජනතා විමුක්ති පෙරමුණ විසින් අගමැතිවරයා වෙත යවන ලද සම්පුර්ණ ලිපිය පහතින් දැක්වේ. noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

إرسال تعليق

MKRdezign

نموذج الاتصال

الاسم

بريد إلكتروني *

رسالة *

يتم التشغيل بواسطة Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget