lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/31P9BAP බැසිල්ට ඕනෙ නම් ගෝඨාභය වගේ ඇමරිකානු පුරවැසිකම ඉවත් කරගෙන පාර්ලිමේන්තු එන්න පුළුවන් - විමල් බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට අවශ්‍ය නම් ඒ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගෙන එය සිදුකළ හැකි බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා ද කටයුතු කළේ ඒ ආකාරයෙන් බවත් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. "19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් සිදු කරපු පටළැවිල්ල වර්තමානයට අදාළව රටේ ජනපති සහ අගමැති කියන තනතුරු දෙකම දරන්නේ සහෝදරයෝ දෙන්නෙක් වීම නිසා ඒ ව්‍යවස්ථාවෙ අන්තර්ගත පටළැවිල්ල තිබුණට ප්‍රායෝගිකව ඒක පටළැවෙන්නෙ නැති විදියට ඕනෙ නම් යන්න පුළුවන්කම තියෙනවා. මම විශ්වාස කරනවා එහෙම යන්න පුළුවන්කම තියෙන නිසා වඩාත්ම හොඳ ඉතාම ඉක්මනින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වලා දෙන එක. ඉතිං ඒකට ප්‍රමුඛතාවය ලැබිය යුතුයි කියන විශ්වාසයේ අපි ඉන්නෙ. කෙසේවෙතත් ආණ්ඩුවේ බහුතරයක් හිතනවා 19 පටළැවිල්ල ලිහාගෙන ඕනෙ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට යන්න කියලා. අපට ඉදිරිපත් කරලා තියෙන කෙටුම්පතේ පවා 19 වැනි සංශෝධනයේ තියෙන සමහර අන්තර්ගත කරුණු කිහිපයක් ඉතිරිකර තැබීමට තමයි යෝජනා කරලා තියෙන්නෙ. ඉතිං මේක අමාත්‍ය මණ්ඩලයේත් පාර්ලිමේන්තු කණ්ඩායමේත් සාකච්ඡාවට ලක්වෙනවා. ඒ අනුව තමයි අවසන් නිගමනයකට එන්නෙ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු පැමිණීම සඳහා ව්‍යවස්ථාව වෙනස් කිරීමට සූදානම් වන බවට විපක්ෂය නඟන චෝදනාව ගැන අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ. "බැසිල් රාජපක්ෂ මැතිතුමාට නැවත පාර්ලිමේන්තුවට එන්න ඕනෙ නම් දැන් වුණත් ඒකට බාධාවක් නෑ, ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගෙන ඒක කරන්න පුළුවන්. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට තිබුණු බාධාව ඇමරිකානු රටවැසිභාවය, ඒක නිසි පරිදි ඉවත් කරගෙන එතුමා රටේ ජනාධිපති පුටුවෙ වාඩි වුණා. ඒ ක්‍රමයම තියෙනවා බැසිල් රාජපක්ෂ මැතිතුමාටත් අවශ්‍ය නම් පාර්ලිමේන්තු එන්න" යනුවෙනි. අමාත්‍ය විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ ඊයේ (01) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

Post a Comment

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget