lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/3iFjvKN “පාස්කු කොමිසමට සාක්ෂි දෙන්න මම එන්නම්” - අජිත් ප්‍රසන්න වැලිකඩ සිට ලියූ ලිපිය ගරු සභාපති තුමා, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සොයාබැලීමේ ජනාධිපති කොමිෂන් සභාව, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රන ශාලාව,කොළඹ 07 ගරු සභාපති තුමනි, 01 . 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදුවීමට පාර කැපුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුව හා දේශපාලන අධිකාරිය විසින් යුධ,නාවික බුද්ධි අංශ නිළධාරීන් සිරගත කොට අදාල බුද්ධි අංශ අඩපණ කිරීම නිසා බැවින් ඒ පිළිබඳ කොමිසමට පැමිණ සාක්ෂි දීමට අවසර ඉල්ලා සිටීම. 2009 වසරේදී එල්.ටී.ටී.ඊි සංවිධාවය යුධමය වශයෙන් පරාද කිරීම සඳහා වටිනා බුද්ධි තොරතුරු ලබාදුන් ලංකාවේ ආයතන අතර අංක 1,2 ස්ථාන දැරුවේ පිළිවලින් යුධ හමුදා සහ නාවික හමුදා බුද්ධි අංශ වන අතර 2009-20019 යහපාලන රජය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුව විසින් යුධ නාවික බුද්ධි අංශ නිළධාරීන් 400කට වැඩි පිරිසක් අසත්‍ය සාක්ෂි ගොතා අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කිරීම නිසා යුධ , නවික බුද්ධි අංශ අඩපන වීමේ ප්‍රතිඵලය ලෙසට පාස්කු ප්‍රහාරය සම්බන්ධව රට අභ්‍යන්තර බුද්ධි තොරතුරු නොලැබුන අතර එම තත්වය නිසා පාස්කු ප්‍රහාරය සිදුවීම වැලැක්වීමට නොහැකි වූ බවට මා ප්‍රකාශ කරමි. 02 . එමෙන්ම හිටපු නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක සහ ශානි අබේසේකර අතර සහ රන්ජන් රාමනායක පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා අතර වූ දැනට ප්‍රසිද්ධ වී ඇති හඬපට අනුව ජනාධිපති තුමා ලවා යුධ හමුදා බුද්ධි ප්‍රධානී බ්‍රිෙග්ඩියර් සුරේෂ්ව එම තනතුරෙන් ඉවත් කොට ඊට නුසුදුසු හමුදා ප්‍රධානියකු පත්කිරීමද පාස්කු ප්‍රහාරය වැලැක්වීමට අපොහොසත් වීමට බලපෑ බවට මම ප්‍රකාශ කර සිටිමි. 03 . හමුදා බුද්ධි නිළධාරීන් සම්බන්ධ නඩු ගොනු,පරීක්ෂණ ලිපි ගොණු නිශාන්තද සිල්වා විසින් ජිනීවා මහකොමසාරිස් කාර්යාලයට ලබාදී ඇති බවට මේ වන විට හෙළිදරුව් වී ඇති අතර දැනට ස්විට්සර්ලන්තයට පැගොස් ඇති වරෙන්තුකරුවකු වන ඔහුව ලංකාවට පිටුවහල් කිරීම එම රට විසින් ප්‍රතික්ෂේප කර ඇත. 04 . ඉහත තත්වය මත චිත්ත ධෛර්යය බිඳවැටීමට ලක් වූ යුධ නාවික බුද්ධි අංශ නිළධාරීන් සිය් බුද්ධි රාජකාරි නිසිලෙස ඉටුකිරීම එබඳු අත් අඩංගුවට ල්කවීම්වලට භාජනය වීමට ඉඩ ඇතුයි සිතා සිය රාජකාරි නිසිලෙස ඉටු නොකිරීමද පාස්කු ප්‍රහාරයට හේතු වූ බවට මම ප්‍රකාශ කැ සිටිමි. 05 . 2020.01.24 දින සිට මා රක්ෂිත බන්ධනාගාරගත වී සිටින අතර ගරු කොමිසමට පැමිණ මේ පිළිබඳව සාක්ෂි ලබාදීමට මට අවස්ථාවක් ලබාදෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මෙයට විශ්වාසී, නීතීඥ මේජර් අජිත් ප්‍රසන්න(විශාමික) වැලිකඩ බන්ධනාගාරය 2020.10.03  noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

إرسال تعليق

MKRdezign

نموذج الاتصال

الاسم

بريد إلكتروني *

رسالة *

يتم التشغيل بواسطة Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget